සමගි ජන බලවේගය විසින් අද (30) පස්වරුවේ පැවැත්වූ විරෝධතා පාගමන අතරතුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා හදිසියේ රෝගාතුර වී රෝහල්ගත කර තිබේ.
පක්ෂයේ විරෝධතාවය විසුරුවා හැරීමට පොලිසිය විසින් එල්ල කළ ජල ප්‍රහාර, කඳුළු ගෑස් නිසා ශ්වසන අපහසුතාවයකට ලක්වූ බව කියන මුජිබර් රහුමාන් මහතා රෝහල කරා ගෙන යාමට පොලිස් අමාත්‍ය ආරක්ෂක අංශයේ (MSD) නිලධාරීන් කිහිප දෙනෙක් සහ පෙළපාලියට පැමිණි පිරිස් සහය දී ඇත.
හිටපු මන්ත්‍රීවරයාගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලන පක්ෂ නායකයින් සහ දේශපාලන ආධාරකරුවන්ගේ සහභාගීත්වයෙන් සමගි ජනබලවේගය විසින් රජයේ ක්‍රියාකලාපයට එරෙහිව විරෝධතා පා ගමනක් පැවැත්වූයේ අධිකරණය මගින් ජනතාවගේ දෛනික කටයුතුවලට බාධා වන පරිදි විරෝධතා නොපැවැත්විය යුතු බවට වාරණ නියෝගයක් ද පනවා තිබියදී ය.











