කරදියනාරු පොලිස් ස්ථානාධිපතිවරයාට මරණ තර්ජනයකළ පොලිස් විශේෂ කාර්ය බලකායේ අම්පාර කඳවුරේ සේවයේ නිරත කොස්තාපල්වරයෙකුව අම්පාර පොලීසියේ නිලදාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සෙබලා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි 09 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
කරදියනාරු පොලිස් ස්ථාානයේ සේවයේ නිරතව සිටින කොස්තාපල්වරියක් සමඟ මෙම පොලිස් නිලධාරියා පෙම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇත. දෙදෙනා අතර ඇතිිවුුණු ආරවුලක් දුරදිග ගොස් කොස්තාපල්වරයා පොලිස් ස්ථානයට පැමිණ නිලධාරිනියට පහරදීමට තැත්කර ඇත. මෙහිදී පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙක් එය වැලැක්වීමට කටයුතුකර තිබේ. එම අවස්ථාවේදී කොස්තාපල්වරයා පොලිස් ස්ථානාධිපතිවරයාටත් සෙසු නිලධාරීන්ටත් මරණ තර්ජනය කරමින් පොලිස් ස්ථානය තුළ කලහාකාරී ලෙස හැසිරී ඇතැයි කරදියනාරු පොලීසිය සඳහන් කළේය.
මෙහදී මෙම කොස්තාපල්වරයාව අත්අඩංගුවට ගත් පොලීසිය ඔහුව අධිකරණයට ඉදිරිපත්කර තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙම කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ.