දැනට විදේශගතව සිටින බව කියන ලාංකිකයන් 4 දෙනෙකු අල්කයිඩා ත්‍රස්ත සංවිධානයට ආධාර අනුබල දුන් බවට සැකපිටඅත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් ඉංග්‍රීසි භාෂාවෙන් රතු වරෙන්තුවක් නිකුත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඊයේ (26) නියෝග කර තිබේ.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ (TID) ඉල්ලීමකට අනුව මෙම රතු නිවේදන නිකුත් කර ඇත.
කල්එළිය, කලගෙඩි හේනවල ප්‍රදේශවල පදිංචිව සිටින සැකකරුවන්ට මෙම රතු වරෙන්තු නිකුත් කරනු ලැබේ.
ඔවුන් දැනට ඕස්ට්‍රේලියාවේ සහ සිරියාවේ පදිංචිව සිටින බව පැවසෙන අතර එකම පවුලේ පියා සහ පුතා ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකුට එරෙහිව මෙලෙස රත් වරෙන්තු නිකුත් කෙරේ.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් 2021 වසරේ සැකකරුවන් 16 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති අතර ඉන් හතර දෙනෙකුට රතු වරෙන්තු නිකුත් කර ඇත.
මෙම පියවර ගෙන ඇත්‍තේ අහමඩ් කලීල් ලුක්මාන් තාලිබ්, අහමන් ලුක්මාන් හලීන්, අබ්දුල් බාහින් මොහොමඩ් ලෙබ්බේ සහ මොහොමඩ් පාහිර් රිපෝන් යන සිව්දෙනාටය.