තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්එක ගලින් කුරුල්ලෝ දෙකයි -නම පවරා නොගත් වාහන හිමිකරුවන්ට වැඩ වරදී

    එක ගලින් කුරුල්ලෝ දෙකයි -නම පවරා නොගත් වාහන හිමිකරුවන්ට වැඩ වරදී

    මිලදී ගන්නා වාහන තමන්ගේ නමට ලියාපදිංචි නොකර භාවිතාකරන පුද්ලයන්ගෙන් දඩ මුදලක් අයකිරීමට කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් අනුරුද්ධ වීරසිංහ මහතා පවසයි.

    ඒ අනුව වාහනයක් මිලදීගෙන දින 14ක් එකත් ඇතුළත ලියාපදිංචි කළ යුතු බව කොමසාරිස්වරයා කීය.

    ඉන් අනතුරුව සෑම දිනයක් සඳහාම රුපියල් 100ක දඩ මුදලක් අය කරන බවත් හෙතෙම පැවසීය.

    ඊයේ සිට ක්‍රියාත්මක වූ කොළඹ නගරයේ රථවාහන වැරදිකරුවන් සොයාගැනීමේ පොලිස් සීසීටීවී කැමරා වැඩසටහනට අනුව මෙම පියවර ගන්නා බව අනුරුද්ධ වීරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

    මාර්ග නීති කඩකරන රියදුරන් මාර්ගවල ස්ථාපිත කැමරා පද්ධති හරහා හදුනාගෙන දඩ පැනවීමේදී වාහන ලියාපදිංචි පුද්ගලයාට දඩ නියම වේ.

    ඒ යටතේ පැවරීම් කර නැති වාහන විශාල ප්‍රමාණයක් හඳුනා ගැනීමට හැකි බව කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය.

    ඒ අනුව අදාළ දඩ මුදල් වාහනයේ ලියාපදිංචි හිමිකරුගේ ලිපිනයට එවන බව කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.

    මෙම වැඩසටහන මඟින් ලියාපදිංචි නොකළ වාහන හඳුනාගැනීමට දෙපාර්තමේන්තුවට ඉඩසැලසෙන බවත් අනුරුද්ධ වීරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img