තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තෙලිජ්ජවිල ෆෝන් කඩේ වෙඩිතැබීමක් - තරුණයෙක් මරුට

    තෙලිජ්ජවිල ෆෝන් කඩේ වෙඩිතැබීමක් – තරුණයෙක් මරුට

    මාතර තෙලිජ්ජවිල නගරයේ පිහිටි දුරකථන අලෙවි සලකට කඩා වැදුණු පුද්ගලයෙන් දෙනෙක් විසින් කළ වෙඩි තැබීමකින් එහි රැදී සිටි ඇගළුම් කම්හලක වැඩ පරීක්ෂකවරයෙක් ලෙස තාවකාලිකව සේවයේ නිරතව සිටින 24 හැවිරිදි තරුණයෙක් මියගොස් ඇත.

    මෙම වෙඩි තැබීම අද රාත්‍රී කාලයේදී සිදුවී තිබේ.

    වැලිපිටියේ පදිංචි අලුත්ගමගේ මින්දික නැමැති තරුණයා මෙසේ ඝාතනය වී ඇත.

    වෙඩි වැදීමෙන් ඝාතනය වූ මෙම තරුණයා අපරාධ හෝ නීති විරෝධි කටයුතු වලට සම්බන්ධ අයෙක් නොවන බව පොලිස් විමර්ශන වලින් පෙනී ගොස් ඇත. ඔහු අහිංසකයෙක් බව පෙනී යන්නේ යැයි දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා සඳහන් කළේය.

    මෙම දුරකථන අලෙවි ස්ථානයේ හිමිකරු මෙම තරුණයාගේ මිතුරෙකි. එබැවින් මෙම තරුණයා මෙම මිතුරා හමුවීමට පැමිණ කථාබහක නිරතව සිටියදී දුරකථන අලෙවි ස්ථානයේ හිමිකරුගේ තවත් මිතුරන් දෙදෙනෙක් පැමිණිම හේතුවෙන් ඔහු දුරකථන අලෙවි ස්ථානයෙන් පිටත සිට එම මිතුරන් සමඟ කථාබහක නිරතව සිට ඇති බව විමර්ශනයේදී පෙනී ගොස් තිබේ. එම අවස්ථාවේදී වෙඩි ප්‍රහාරයට ලක්වූ තරුණයා රැදී සිට ඇත්තේ හිමිකරු රැදී සිටින පුටුවේ බව විමර්ශන වලින් අනාවරණය වී ඇත.

    යතුරුපැදියකින් ලිපි කවරයක්ද රැගෙන මෙම දුරකථන අලෙවි ස්ථානයට පැමිණි දෙදෙනා ඡායාපිටපතක් ලබාගැනීමට අවශ්‍ය බව සඳහන් කර තිබෙන බව සඳහන්ය. මෙම ස්ථානයේ ඡායා පිටපත් පහසුකම් නොමැති බැවින් අසල ඇති වෙනත් වෙළද සැලකට යන ලෙස එහිදී මෙම තරුණයා ඒ පැමිණි අයට පවසා ඇති බවට තොරතුරුද පොලීසියට ලැබී ඇත.

    ඒ අනුව දුරකථන අලෙවි ස්ථානයෙන් පිටතට ගිය ඔවුන් දෙදෙනාගෙන් අයෙක් මද වේලාවකට පසු නැවත දුරකථන අලෙවි ස්ථානයට පැමිණ ඇත්තේ එම ස්ථානය වසා ඇතැයි පවසමිනි. ඒත් එක්කම ඒ පැමිිණි පුද්ගලයා තරුණයාට වෙඩි ප්‍රහාරයක් එල්ලකර ඇති බව පොලීසිය කියයි.

    පිස්තෝලයකින් වෙඩි පහක් තබා ඇති බවත් වෙඩි 03ක්ම තරුණයාට වැදී තිබෙන බවත් පෙනී ගොස් ඇත.

    වෙඩික්කරුවන්ට ඉලක්කය වැරදී ඇති බව පොලීසිය සැකකරයි. ඉලක්කයය වී ඇත්තේ මෙම දුරකථන අලෙවි ස්ථානයේ හිමිකරු බව පෙනී යන බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

    වෙඩික්කරුවන් සිය ඉලක්කය හදුනානොගෙන එහි පැමිණ ඇති බව පෙනී යන බවත් ඔවුන් ඉලක්කර ඇත්තේ හිමිකරු නිතර රැදී සිටින ආසනයේ සිටින පුද්ගලයාව බවත් පොලීසිය සැකකරයි.

    මෙම තරුණයා ළගදීම කොරියාවේ රැකිියාවකට යාමේ සූදානමින් සිට ඇති බවත් ඔහු අවිවාහක අයෙක් බවත් පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img