තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලීසියේ හිටපු රාළහාමි මහියංගනයට කුඩු බෙදලා මාට්ටු

    පොලීසියේ හිටපු රාළහාමි මහියංගනයට කුඩු බෙදලා මාට්ටු

    අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි හිටපු පොලිස් කොස්තාපල්වරයෙකුව මහියංගනය පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 21ක් වයසැති මහියංගනය සොරබොර ජනපදයේ පදිංචිකරුවෙකි.

    මෙම පුද්ගලයා ඊයේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 280ක් හමුවී තිබේ.

    එම අත්අඩංගුවට ගැනීම සිදුවන විට ඔහු අයිස් මිලි ග්‍රෑම් 140ක් පුද්ගලයෙකුට අලෙවිකර තිබී ඇත. මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පුද්ගලයා මගිනි.

    මෙම පුද්ගලයා පොලිස් සේවයේ සිටි කොස්තාපල්වරයෙක් බව හදුනාගෙන ඇත්තේ ප්‍රශ්න කිරීමේදීය. 2021 වසරේ මාර්තු 10 වෙනිදා පොලිස් සේවයට එක්වූ ඔහු 2023 වසරේ ජූලි 25 වෙනිදා පොලිස් සේවයෙන් නීත්‍යානුකූලව ඉවත්වූවෙක් බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img