තවත්
    මුල් පිටුවදේශීය පුවත්බිරිඳට පහරදී මරණ තර්ජනය කළ CID නිලධාරියා අත්අඩංගුවට

    බිරිඳට පහරදී මරණ තර්ජනය කළ CID නිලධාරියා අත්අඩංගුවට

    සිය බිරිඳට පහරදී මරණ තර්ජනය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මාතර උප ඒකකයේ පරිගණක අංශයේ සේවයේ නිරත පොලිස් සැරයන්වරයෙකුව අහංගම පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අහංගම කොහුමෝල ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයෙකි.

    119 පොලිස් හදිසි ඇමතුම් අංශයට මෙම කොස්තාපල්වරයාගේ බිරිඳ සිය සැමියා විසින් පහරදෙන බවට කළ පැමිණිල්ලකට අනුව අහංගම පොලීසියේ ස්ථානාධිපතිවරයා දෙදෙනාවම ඊයේ (19) පොලිස් ස්ථානයට කැඳවා ආරවුලට හේතු විමසා එය විසදීමට උත්සහ දරා ඇත. එහිදී පොලිස් ස්ථානාධිපතිවරයා ඉදිරිපිටදීම මෙම කොස්තාපල්වරයා බිරිඳට කළ මරණ තර්ජනයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img