තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සතොස බිත්තරෙත් මිල උස්සයි

    සතොස බිත්තරෙත් මිල උස්සයි

    ආනයනික ඉන්දීය බිත්තරයක මිල හෙට (21) සිට රුපියල් 43ක් දක්වා ඉහළ නංවන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

    සතොස හරහා අලෙවි කිරීම වෙනුවෙන් මෙම බිත්තර ඉන්දියාවෙන් ඉන්දියාවෙන් ආනයනය කරන ලද්දේ වැට් බදු වැඩිවීමත් සමඟ බව හෙතෙම කීය.

    එබැවින් එම බිත්තරයක් රුපියල් 35කට අලෙවි කිරීමට නොහැකි බැවින් සතොස අලෙවිසැල් බිත්තර අලෙවි කිරීම සීමා කර ඇත.

    එම නිසා සතොස අලෙවිසැල්වල බිත්තර හිඟයක් මතුව ඇති බැවින් යළිත් වෙළෙඳපොළේ දේශීය බිත්තර මිල ඉහළ ගොස් ඇත.

    අද නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ සුදු හා රතු බිත්තරයක් අලෙවි වූයේ රුපියල් 52ක මිලකටයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img