පසුගිය කාලයේ දිවයින පුරා පැවති අධික වර්ෂාව හා ගංවතුර හේතුවෙන් මෙවර මහකන්නයේ වී වගා කර තිබූ කුඹුරු අක්කර 61,000ක් පමණ හානියට පත්වී ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.
මේ වනවිටත් හානියට පත් වූ කුඹුරුවල හානි තක්සේරු කටයුතු වහාම අරඹන ලෙස කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට මේ වනවිට උපදෙස් ලබාදී ඇති බවද අමාත්‍යංශය කීය.
පසුගිය යල කන්නයේ නියඟය නිසා සිදු වූ වගාහානි තක්සේරු කිරීම් කළ ආකාරයටම, ගංවතුර නිසා සිදුවූ හානිවීම් ද තක්සේරු කිරීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් සිදු කිරීමට නියමිතව තිබේ.