fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"අත්දැකීම් නැති ජනාධිපතිවරයකු ගෙනත් රට යළි අනතුරේ දාන්න බෑ"

    “අත්දැකීම් නැති ජනාධිපතිවරයකු ගෙනත් රට යළි අනතුරේ දාන්න බෑ”

    කිසිඳු අත්දැකීම් නොමැති ජනාධිපතිවරයකු පත්කරගෙන රට නැවත අනතුරේ හෙලිය නොහැකි බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    ආර්ථික අර්බුදය විසඳා රට ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් දිය යුතු බව තමා පෞද්ගලිකව විශ්වාස කරන බවද අමාත්‍යවරයා කියයි.

    මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිලිතුරු දෙමින් අමාත්‍යවරයා අද (18) මේ බව සඳහන් කළේය.

    ව්‍යාපාරික ධම්මික පෙරේරා පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ යැයි ඔහු ප්‍රකාශ කර තිබූ බව මෙහිදී මාධ්‍යවේදියකු පැවසීය.

    ඊට පිළිතුරු දෙමින් ප්‍රසන්න රණතුංග මහතා කීවේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පොහොට්ටුව ධම්මික පෙරේරා සමඟ එකඟතාවයකට පැමිණ නැති බවයි.

    එවැනි සාකච්ඡාවක් ගැන තමා දැනුවත් නැතැයි ද අමාත්‍යවරයා කීය.

    අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ ආර්ථික අර්බුදය විසඳා රට ස්ථාවර කිරීමට වත්මන් ජනාධිපතිවරයාට තවත් අවස්ථාවක් දියයුතු බවට තමන් පුද්ගලිකව විශ්වාස කරන බවයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.