පවතින අධික වර්ෂාව සමඟ මාර්ගය යටවීම හේතුවෙන් මෙතෙක් සැහැල්ලු වාහන සඳහා පමණක් ගමනාගමනය අත්හිටුවා තිබූ මඩකලපුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගල්ලෑල්ල – මනම්පිටිය කොටස අද පස්වරු 1 සිට සියලු වාහන ගමනාගමනය අත්හිටුවා තිබේ
පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය නිවේදනය කළේ පස්වරු දෙකට පමණ පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවන බව වාරිමාර්ග අංශ දැනුවත් කර ඇති බවයි.
ඒ සමග මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යන හෙයින් මෙසේ සම්පූර්ණයෙන්ම වාහන ගමනාගමනය අත්හිටීමට කටයුතු කරන ලෙස පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂවරයා වෙත උපදෙස් දී ඇත.
ප්‍රවාහන දුෂ්කරතා මතුවන සියලු මගීන් සඳහා කදුරුවෙල – මනම්පිටිය අතර ප්‍රවාහන කටයුතු සඳහා විශේෂ දුම්රිය සේවයක් මේ වන විට ක්‍රියාත්මක කොට ඇත.
එම වාහන සඳහා බකමූණ ,ඇළහැර මාර්ගය විකල්ප මාර්ගයක් ලෙස භාවිතා කළ හැකි ය.