මුහුණු ආවරණය කරගත් තුවක්කුකරුවන් පිරිසක් ඉක්වදෝරයේ සජීවී රූපවාහිනී මැදිරියකට කඩාවැදී එහි කාර්යමණ්ඩලයට තර්ජනය කර තිබේ.
අවි ගත් පිරිස එරට TC රූපවාහිනී නාලිකාවේ කාර්ය මණ්ඩලය සජීවී විකාශය අතරතුරදී බිමි හිඳුවා තර්ජනය කරන ඇති අතර පසුව නාලිකාවේ සම්ප්‍රේෂණ කටයුතු නවතා දමා ඇති බවට වාර්තා වේ.
සිදුවීමෙන් මද වේලාවකට පසුව තුවක්කුකරුවන් ප්‍රාණ ඇපකරුවන් කිහිප දෙනෙකු සමඟ රූපවාහිනී නාලිකාවෙන් පිටත්ව යන අයුරු අසල සිටි පිරිස දැක ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර එරට දරුණු ගනයේ අපරාධ කල්ලි සමාජිකයෙක් එරට බන්ධනාගාරයකින් පැනයාමත් සමඟ දින 60 හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමටද එරට රජය තීරණය කර ඇති. කෙසේ වෙතත් මෙම සිදුවීම එම පැනයාමට සම්බන්ධතාවයක් පවතින්නේද යන්න පිළිබඳ තවමත් කිසිවක් අනාවරණය නොවන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධ පුද්ගලයින් යැයි සැකකරන කීපදෙනෙකු අත් අඩංගුවට ගැනීමට ඉක්වදොර පොලිසිය සමත්ව ඇති බවටද වාර්තා වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වන බවද වාර්තාවේ.
BREAKING: Gunmen storm Ecuador television studiopic.twitter.com/azkpcIxJ3h
— The Spectator Index (@spectatorindex) January 9, 2024