විදුලි බිල නොගෙවූ විදුලි පාරිභෝගිකයින් දස ලක්ෂ හැට හතර දහසකගේ විදුලිය විසන්ධි කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කංචන විජේසේකර අමාත්‍යවරයා මේ බව සඳහන්කරනු ලැබුවේ අද දින පාර්ලිමේන්තුවේදීය.
විදුලි බිල අඩු කිරීමට රජය නිසි පියවර ගනිමින් සිටියදී මාධ්‍ය ප්‍රදර්ශනයක් සඳහා විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා අධිකරණයට ගොස් නඩු පවරා ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
රටේ සමස්ත ජනගහනයෙන් ගෘහ පාරිභෝගිකයන් ද ඇතුළුව විදුලි පාරිභෝගිකයින් 763923 ක් රජයේ සහ පෞද්ගලික විදුලි බෙදා හැරීමේ ව්‍යුහයන් මගින් විදුලිය ලබා ගන්නා බවද අමාත්‍යවරයා කීය.