තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කතුන් 2ක් ඇතුළු තුනක් පොලීසියට පහර දෙති -පොලීසියේ 4ක් රෝහලේ

    කතුන් 2ක් ඇතුළු තුනක් පොලීසියට පහර දෙති -පොලීසියේ 4ක් රෝහලේ

    මඩකලපුව කොකුවිල් පොලිස් ස්ථානයට ඊයේ රාත්‍රී කාලයේදී කඩාවැදුණු කතුන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙක් විසින් කළ පහරදීමකින් තුවාල ලැබූ පොලීසියේ සිව් දෙනෙක් මඩකලපුව රෝහලට ඇතුලත්කර ඇත.

    පොලිස් සැරයන්වරයෙක්, කොස්තාපල්වරු දෙදෙනෙක් සහ කොස්තාපල්වරියක් මෙසේ තුවාල ලබා රෝහල්ගතකර සිටිති.

    මෙම පහරදීමට සම්බන්ධ කොකුවිල් හී පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙක් සහ කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

    මවක් දියණියක් සහ පුතෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය කියයි.

    ත්‍රීරෝද රථයකට පහරදී අනර්ථ කිරීම සම්බන්ධයෙන් එම ත්‍රීරෝද රථයේ රියදුරු විසින් පොලීසියට පැමිණ පැමිණිලිකරමින් සිටියදී මවත් සහෝදරියත් සමඟ බීමතින් පැමිණි පුද්ගලයා කලහාකාරීව හැසිරෙමින් පොලිස් නිලධාරීන්ට පහරදී ඇති බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img