තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රිය අනතුරුවලින් ඊයේ 13ක් මිය ගිහින්

    රිය අනතුරුවලින් ඊයේ 13ක් මිය ගිහින්

    දිවයින පුරා සිදුවූ රිය අනතුරුවලින් ඊයේ දිනයේදී පමණක් පුද්ගලයින් 13 දෙනෙක් මියගොස් ඇත.

    නිට්ටඹුව,සපුගස්කන්ද, නුවරඑළිය,රුවන්වැල්ල, ඉංගිරිය, බකමූණ, පුත්තලම, කුලියාපිටිය, කුරුණෑගල, වීරකැටිය, මැදිරිගිරිය, කොස්වත්ත යන පොලිස් වසම්වල හා දක්ෂණ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරුවලින් මෙම මරණ සිදුව තිබේ.

    මියගිය අය අතර කාන්තාවන් දෙදෙනෙක්, සිවිල් ආරක්ෂක බලකායේ සෙබලෙක්ථ විශ්‍රාමික හමුදා සෙබලෙක් සහ රුසියානු ජාතිකයෙකු වේ.

    රුසියානු ජතිකයා මියගොස් ඇත්තේ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකිනි. එම අනතුර ඊයේ රාත්‍රී කාලයේදී සිදුව ඇත්තේ එල්. 110.7ත් එල්. 110.7ත් අතරය.

    රුසියානු ජාතිකයන් පිරිසක් ප්‍රවාහනයකරමින් තිබුණු බස් රථයේ රියදුරුට නින්දයාම හේතුවෙන් බස් රථය ලොරිි රථයක පිටුපස ගැටී සිදුවූ අනතුරින් මෙම මරණය සිදුව ඇත. මෙම අනතුරින් රුසියානු ජාතික කාන්තාවක් ද තුවාල ලබා ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img