fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්"කොවිඩ් වසංගත කාලේ පුරුදු ආයෙත් පටන්ගන්න"

    “කොවිඩ් වසංගත කාලේ පුරුදු ආයෙත් පටන්ගන්න”

    spot_img

    ඉන්දියාවෙන් වාර්තා වූ නව කොවිඩ් ප්‍රභේදය සහිත රෝගීන් කිසිවකු මෙතෙක් මෙරට තුළ සිදුකළ පරීක්ෂණවලදී වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

    ඔහු පෙන්වාදෙන්නේ තත්ත්වය එසේවුවද පසුගිය කොවිඩ් සමයේ අනුගමනය කළ සෞඛ්‍ය පිළිවෙත් නැවත අනුගමනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවයි.

    ඉන්දියාවෙන් වාර්තා වන JN.1 නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය පසුවිපරමින් සිටින බවත් අමාත්‍යවරයා කියාසිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද කීය.

    “ඉන්දියාවෙන් වාර්තා වන JN.1 නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙනුත් මේ දිනවල සමාජයේ කතාබහක් ඇති වෙමින් තිබෙනවා. දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරන ආකාරයට මේ සම්බන්ධව කිසිවෙකු අනිසි බියක් ඇති කරගත යුතු නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය අඛණ්ඩව මේ පිළිබඳව පසු විපරමින් සිටිනවා. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සහාය ඇතිව මේ සම්බන්ධව දීර්ඝ නියැඳි පරීක්ෂාවන් සිදුකිරීමටත් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මෙතෙක් සිදුකළ පරීක්ෂණවලින් ඉන්දියාවෙන් වාර්තා වූ නව කොවිඩ් ප්‍රභේදය සහිත රෝගීන් වාර්තා වී නැහැ. නමුත් පසුගිය කොවිඩ් සමයේ අනුගමනය කළ සෞඛ්‍ය පිළිවෙත් නැවත අනුගමනය කරන ලෙස මහජනතාවගෙන් අප ඉල්ලා සිටිනවා”

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img