තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති ඇතුළු කාර්යමණ්ඩලය නව වසරේ රාජකාරි අරඹයි

    ජනපති ඇතුළු කාර්යමණ්ඩලය නව වසරේ රාජකාරි අරඹයි

    උදාවූ 2024 නව වසරේ රාජකාරී ආරම්භ කිරීම ජනාධිපති කාර්යාලයේ දී මැති ඇමතිවරුන් සහ සිය කාර්යමණ්ඩලය සමඟින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ සම්ප්‍රදායානුකූලව සිදුකර තිබේ.

    ජාතික ධජය එසවීමෙන් පසු රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන් සිහි කරමින් විනාඩි 02ක නිශ්ශබ්දතාවයක්ද පවත්වා ජනාධිපතිවරයා නව වසරේ රාජකාරි ආරම්භ කිරීම සනිටුහන් කරන ලදී.

    අනතුරුව ජනාධිපති කාර්යාලයේ සියළු කාර්ය මණ්ඩලය එක්ව රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දුන්හ.

    නව වසර වෙනුවෙන් සිය කාර්ය මණ්ඩලයට සුබ පැතූ ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහද කථා බහකටද එක් විය.

    අභියෝග නිවැරදිව අවබෝධ කර ගනිමින් 2024 රට ජයග්‍රහණයේ මාවතේ ගෙන යාමට සුබවාදී ආකල්පයන්ගෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව සියළුදෙනා එක්ව කැපවීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

    මින් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැති ඇමතිවරු සහ කාර්ය මණ්ඩලය සමඟ තේ පැන් සංග්‍රහයකටද එක් විය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img