ශිරාන් බාසික් නැමැති මත්කුඩු ජාවාරම්කරුට අයත් බව කියන දෙහිවල මුහුදු තීරයේ ඇති නීතිවිරෝධි හෝටලයක් පොලිස් ආරක්ෂාව යටතේ අද උදෑසන වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කඩා ඉවත් කළේය.
වෙරළතීරයේ නීතිවිරෝධි ලෙස ඉදිකර තිබුණු මෙම හෝටලය ඉවත්කරගන්නා ලෙස අවස්ථා කිහිපයකදී කළ දැනුම්දීමකින් අනතුරුව මෙසේ හෝටලය කඩා ඉවත්කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්ය.
මෙසේ මෙම හෝටලය කඩා දැමෙන්නේද නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් මුදල් විශුද්ධිකරණයෙන් මෙම හෝටලය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වමින් සිටියදීය. .
ශිරාන් බාසික්ට අයත් වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ පාරේ පිහිටි හෝටලයක් 2022 වසරේ ඔක්තෝබර් 07 වෙනිදා නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් තහනම්කරනු ලැබීය. එම හෝටලය රුපියල් කෝටි 15ක් පමණ වටින එකකි.