fbpx
තවත්
    මුල් පිටුවCOVIDදෙවැනි පීසීආර් ප්‍රතිඵලය දැනුවත් කළ සැමට වාස්ගෙන් මල් මිටක්

    දෙවැනි පීසීආර් ප්‍රතිඵලය දැනුවත් කළ සැමට වාස්ගෙන් මල් මිටක්

    පළමු පීසීආර් පරීක්ෂණයෙන් කොවිඩ් ආසාධිත බව දැනුම් දී දෙවැනි පරීක්ෂණයෙන් ආසාධිත නොවන බව දැනගත් වහා එය මාධ්‍ය ඔස්සේ දැනුවත් කළ සැමට ශ්‍රී ලංකා ක්‍රිකට් වේගපන්දු පුහුණුකරු චමින්ද වාස් මහතා ස්තූතිය පිරිනමා ඇත.

    චමින්ද වාස් සහ ඉසුරු උදාන මෙසේ දෙවැනි පීසීආර් පරීක්ෂණයෙන් ආසාදිත නොවන බව තහවුරු වී තිබේ.

    ඒ අනුව බංග්ලාදේශය සමඟ පැවැත්වෙන පළමු එක්දින තරගය නියමිත පරිදි ආරම්භ වූ අතර මේ වන විට පන්දුවට පහර දෙන බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 15කදී කඩුළු දෙකක් දැවී ලකුණු 54 ලබා සිටියි .

    චමින්ද වාස් සිය ට්ව්ටර් ගිණුමේ මෙලෙස අදාළ තොරතුරු වාර්තා කර තිබිණි. නිවැරදි කරුණු වේගයෙන් ජනතාව අතරට ගෙනගිය මාධ්‍යවේදීන්ට ද චමින්ද වාස් පෞද්ගලිකව සිය ස්තුතිය පළකර ඇත

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.