ජනවාරි පළමු වැනි දා සිට මෝටර් රථයක් මිලදී ගැනීමේදී ඇතුළු කරුණු කිහිපයකදී බදු ගොනුවක් විවෘත කිරීමට රජය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම කල්දමා තිබේ.
වාහන ලියාපදිංචි කිරීමේදී, ආදායම් බලපත්‍ර ගැනීමේදී, දේපොළ මිලදී ගැනීමේදී බදු ගොනුවක් විවෘත කිරීම ජනවාරි පළමු වැනි දා සිට අනිවාර්ය කරන බව මුදල් අමාත්‍යාංශය මීට පෙර නිවේදනය කර තිබුණි.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ බදු ගොනු විවෘත කිරිමේ ක්‍රියාවලියට මහජනතාව ලියාපදිංචී වීමේ ප්‍රමාදයක් සිදුව ඇති බවයි.
ඊට තවත් කාලයක් ලබාදීමේ අරමුණින් අදාළ තීරණය ක්‍රියාත්මක කිරිම මසකින් පමණ කල්දැමීමට පියවර ගත් බව හෙතෙම කීය.