මේ මාසයේදී කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 4.0 % ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
එය ගෙවී ගිය නොවැම්බර් මාසයේදී වාර්තා වූයේ 3.4 % ක් ලෙස ය.
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද(29) නිකුත් කරන ලද වාර්තාවේ දැක්වෙන්නේ මේ මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 0.3% දක්වා වැඩි වී ඇති බවය.
ගෙවුණු නොවැම්බර් මාසයේ දී එය වාර්තා වුයේ -3.6 % ක් ලෙසයි.එමෙන්ම, දෙසැම්බර් මාසයේ සදහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 5.8 % ක් දක්වා අඩු වී ඇත.එය නොවැම්බර් මාසයේ දී 6.8 % ක් ලෙස වාර්තා විය.