තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීනයෙන් ගෙනා මස් තොගයක සූකර උණ වෛරසය

    චීනයෙන් ගෙනා මස් තොගයක සූකර උණ වෛරසය

    චීනයෙන් ගෙන්වන ලද මස් නිෂ්පාදන තොගයක අප්‍රිකාණු සූකර උණ වෛරසය පවතින බවට තහවුරු වී ඇතැයි රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

    මෙම මස් තොගය නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වා ඇති බව එහි සභාපති සිසිර පියසිරි මහතා සඳහන් කළේය.

    අදාළ මස් තොගය කඩිනමින් විනාශ කිරීමට පියවර ගත යුතු බවද ඔහු අවධාරණය කරයි.

    එසේ නොවුණහොත් ඉදිරියේදී සත්ත්ව පාලන කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්වනු ඇති බවද රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img