මත්තල ගුවන්තොටුපොල භූමියේ ගොඩනැගිල්ලක තිබුුණු යකඩ සහ තහඩු සොරකමකට යුද හමුදා කමාන්ඩෝ බලකායේ සිව් දෙනෙකුව මත්තල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
කෝප්‍රල්වරයෙක්, ලාන්ස් කෝප්‍රල්වරු දෙදෙනෙක් සහ මාණ්ඩලික සැරයන්වරයෙක් අත්අඩංගුවට ගත් අය අතර සිටින බව පොලීසිය කියයි.
මෙම සිව් දෙනාම මත්තල ගුවන්තොටුපොල ආරක්ෂාවට ස්ථාපිතකර ඇති කදවුරේ සේවයේ නිරත කමාන්ඩෝ සෙබලුන්ය.
තිස්සමහාරාමය, අම්පාර, ගම්පොල සහ වැලිකන්දේ පදිංචිකරුවන් වන මෙම කමාන්ඩෝවරු සිව් දෙනාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ලුණුගම්වෙහෙර පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ලබාදුන් තොරතුරකට අනුව බව සඳහන්ය.
මෙම කමාන්ඩෝවරු සිව් දෙනා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ අතහැර දමා ඇති ගල් කොරියක ගොඩනැගිල්ලක තිබුණු යකඩ වානේ අඩි 1ක් දිග පීලි 02ක්, ඇළුමේනියම් අඩි 16ක පීලි 32ක්, අමානෝ තහඩු 04ක් සොරාගෙන ඇති බව පොලීසිය කියයි. එම දේපොලවල වටිනාකම රුපියල් ලක්ෂ 07කට අධික බව ගණන් බලා තිබේ.
මෙම සොරකම ඊයේ උදෑසන 6.00ත් 12.30ත් අතර කාලය තුළ සිදුව ඇති බව පොලීසිය කියයි.