පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙක් ලෙස පෙනීසිටිමින් කිරුළපන පොල්හේන්ගොඩ විජය කුමාරතුංග මාවතේ නිවසකට ඇතුළු වී ලැප්ටොප් පරිගණකයක් සහ පාවහන් යුවලක් කොල්ලකා පළාගොස් තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකායේ ඇඳුමට සමාන ඇදුමකින් සැරසී පැමිණ ඇති මෙම පුද්ගලයා මෙම කොල්ලය සිදුකර ඇත්තේ ඊයේ අලුයම් කාලයේදී බව පොලීසිය කියයි.
මෙම පුද්ගලයා නිවෙස් හිමි 55 හැවිරිදි ව්‍යාපාරිකයාට මන්නා පිහියක් පෙන්වා මෙම කොල්ලය සිදුකර ඇති බව කිරුළපන පොලීසිය සඳහන් කළේය.