තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අලුත උපන් බිළිඳා පණපිටින් වැළලූ මව සහ අනියම් සැමියා අත්අඩංගුවට

    අලුත උපන් බිළිඳා පණපිටින් වැළලූ මව සහ අනියම් සැමියා අත්අඩංගුවට

    ප්‍රසූත කල හැටියේම සිය බිළිඳා ෂොපින් බෑගයක දමා වලදැමූ මවක් සහ ඇගේ අනියම් සැමියා තඹුත්තේගම පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

    ඉපදී ඇත්තේ බිළිදියක් බවත් එම බිළිදිය වලදමා ඇත්තේ පසුගිය 17 වෙනිදා රාත්‍රී කාලයේදී බව පොලීසිය කියයි.

    බිළිදා ඉපදුණු හැටියේම වලදමා ඇත්තේ ඇය පදිංචිව සිටින නිවසට යාබදව ඇති පාළු ඉඩමක වැට මායිමේය.

    එම සිරුරද පොලීසිය විසින් සොයාගෙන ඇත.

    විමර්ශනයේදී හෙළිවී ඇත්තේ බිළිඳා වලදමා ඇත්තේ පණපිටින් බවටය.

    ඒ සම්බන්ධයෙන් පොලීසියට ලද තොරතුරකට අනුව පොලීසිය විසින් තේක්කවත්තේ පදිංචි 31 හැවිරිදි කත පොලීසියට රැගෙන විත් පැය දෙකහමාරක පමණ කාලයක් ප්‍රශ්න කිරීමේදී සියල්ල ඇය හෙළිකර තිබේ.

    මෙම කත දෙදරු මවකි. ඇය පදිංචිව සිට ඇත්තේ තඹුත්තේගම තේක්කවත්තේය.

    සැමියා මෙයට වසර දෙකකට පමණ පෙර ඇයව අතහැර ගොස් ඇත. මෙම කතගේ අනියම් සැමියා 41 වියැති නොච්ච්චියාගම ගාලදිවුල්වැව පදිංචි දෙදරු පියෙකි. ඔහුගේත් බිරිද අතහැර ගොස් ඇත.

    මෙම දෙදනා මුණ ගැසී ඇත්තේ පසුගිය පොසොන් පොහෝය දින අනුරාධපුර වන්දනාවේ ගොස් සිටියදී ශ්‍රී මහාබෝධිය ආසන්නයේදීය.

    එහිදී දැනහදුනාගත් ඔවුන් දෙදෙනා අනියම් අඹුසැමියන් බවට පත්ව ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ඇය ගැබිණියක් වී ඇති බව විමර්ශනයේදී තොරතුරු අනාවරණය වී තිබේ.

    පසුගිය 17 වෙනිදා විලිරුදාව සෑදී නිවසේදීම ඇය විසින් බිළිඳා ප්‍රසූතිකර ඇති බව පොලීසිය කියයි. අනතුරුව ඇය එම බිළිඳාව ෂොපින් උරයක දමා ගොස් වලදමා ඇත.

    ඇය දරු ප්‍රසූතියකට සූදානමින් සිටියත් දැන් ඇගේ ඉදිරියට නෙරුණු උදරය මෙන්ම ඉපදුණු දරුවෙක්ද නොමැති බවත් පොලීසියට ගම්වැසියෙකුගෙන් ලද තොරතුරකට අනුව කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම බිළිදු ඝාතනය ගැන තොරතුරු අනාවරණය වී තිබේ.

    අනියම් සැමියාත් ඇයවත් මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන වලදමා තිබුණු සිරුරද ගොඩ ගැනීමට පොලීසිය පියවර ගෙන ඇත.

    දෙදෙනාව තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනියම් සැමියාට ඇප ලබාදී තිබේ.

    ඒ මෙම අපරාධය සිදුවන විට ඔහු නොච්චියාගම නිවසේ සිටි බවට තොරතුරු අනාවරණය වූ බැවිනි.

    බිළිඳා වලදැමූ කාන්තාව රක්ෂිත බන්ධනාගාරගතකර තිබේ.

    ඇය මේ වන විට බන්ධනාගාර නිලධාාරීන්ගේ අධික්ෂණය ඇතිව තඹුත්තේගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img