තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්කහවත්තේ ඝාතනය වූ කතගේ ෆෝන් එකක් අතුරුදන්

    කහවත්තේ ඝාතනය වූ කතගේ ෆෝන් එකක් අතුරුදන්

    කහවත්ත වැල්දුර වෙලේවත්තේ පදිංචිව සිටි විනීතා ජයසුන්දර නැමැති තිදරු මවගේ ඝාතනයත් සමඟ ඇය පරිහරණය කළ ජංගම දුරකථන දෙකෙන් එකක් අතුරුදන්ව ඇතැයි විමර්ශනවලින් හෙළිවී තිබේ.

    අතුරුදන්ව ඇති එම ජංගම දුරකථනය හා ඇගේ ඝාතනය අතර යම් අභිරහසක් ඇතිබව විශ්වාස කරන පොලීසිය මේ වනවිට එම ජංගම දුරකථනය සොයා පුළුල් විමර්ශනයක්ද ආරම්භ කර ඇත.

    එම ජංගම දුරකථනයේ අංකය හා මෙම ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින ඇගේ බාල දියණියගේ ජංගම දුරකථනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෝහාරික පරිගණක විද්‍යාගාරයේ නිලධාරීන්ගේ පරීක්ෂාවටද මේ වනවිට ලක්වෙමින් ඇතැයි පොලිස් තොරතුරු සඳහන් කළේය.

    මෙම ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක්කර ඇති විමර්ශනවලින් අනාවරණය වී ඇති අකාරයට අනුව ඝාතනය සිදුව ඇත්තේ පසුගිය 13 වෙනිදා දහවල් 12.30ත් 4.30ත් අතර කාලය තුළදී බව පොලීසිය අනුමාන කරයි.

    ඝාතනය වූ විනීතා ජයසුන්දර මහත්මිය එදින දහවල් 12.30ට සිය දියණියගේ සේදූ රෙදිවැලේ වනමින් සිටිනු දුටු සාක්ෂියක් ලැබී තිබීම එම සැකයට මුල්වී ඇත.

    ඝාතනය වූ විනීතා ජයසුන්දරගේ බාල දියණිය එදින 11.00 පසුවී ඇය සේවයේ නිරතව සිටි කහවත්ත ප්‍රදේශීය ලේකම් කාර්යාලයට ගොස් සේවය අවසන්කර නිවස බලා පිටත්ව ඇත්තේ සවස 3.30ට පමණය.

    ඇය සිය සේවාස්ථානයේ රැදී සිටින කාලය තුල කාර්යාලයෙන් පිටතට ගොස් ඇත්තේ එක් අවස්ථාවකදී පමණක් බවද අනාවරණය වී ඇත.

    ඇය එසේ කාර්යාලයෙන් පිටව ගොස් ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආසන්නයේ ඇති බැංකුවක් වෙතය.

    එහි ටෙලර් යන්ත්‍රයෙන් රුපියල් 10,000ක මුදලක් ලබාගෙන එයින් රුපියල් 5000ක මුදලක් ඇය විසින් හිතවත් සේවිකාවකට ලබාදී ඇති බවද අනාවරණය වී තිබේ.

    මෙතෙක් කර ඇති විමර්ශනයේදී හෙළිවී ඇත්තේ දියණිය විසින් සිය මව නිවසේ සාලය මැද මරාදමා සිරුර ඔසවාගෙන ගොස් මුළුතැන්ගෙයි පිටුපස පිළිකන්නට දමා ඇති බව යැයි පොලීසිය කියයි.

    දුරකථන ජාල විශ්ලේෂණයෙන් ලැබෙන තොරතුරු මත මෙම මරණයේ මෙතෙක් හෙළිනොවූ තොරතුරු අනාවරණයකර ගැනීමට හැකිවනු ඇතැයි පොලීසිය විශ්වාස කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img