fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උත්සව සමයේදී විදුලි විසන්ධි නෑ

    උත්සව සමයේදී විදුලි විසන්ධි නෑ

    එළැඹෙන නිවාඩු සමයේ විදුලිය විසන්ධි කිරීමෙන් වළකින ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    හදිසි නොවන නඩත්තු කටයුතු සඳහා ද විදුලි විසන්ධි කිරීමෙන් වළකින ලෙස ද අමාත්‍යවරයා ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් දී ඇත.

    නිරන්තරයෙන් විදුලිය විසන්ධි කරන බවට ජනතාවගෙන් ලැබී ඇති පැමිණිලි පිළිබඳ අවධානය යොමු කරමින් මෙම පියවර ගෙන ඇත.

    එළැඹී ඇති නත්ත් උත්සව සමය හේතුවෙන් මේ දිනවල ආහාර පාන සැකසීම, විදුලි එළි සැරසිලි යනාදිය සඳහා විදුලිය බහුලව භාවිත වේ.

    නඩත්තු කටයුතු සඳහා විදුලි විසන්ධි කිරීමේදී ජාත්‍යන්තර මර්ගෝපදේශ අනුව කටයුතු කරන බවද හෙතෙම පවසා ඇත.

    සතිඅන්තයේ අනවශ්‍ය ලෙස සිදුකරන නඩත්තු කටයුතු හේතුවෙන් අතිකාල දීමනා සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇති බවද කාංචන විජේසේකර අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.