තවත්

    ‘ඉටුකම’ ඉවරයි

    කොවිඩ්-19 ගෝලීය වසංගතය මෙරටද ව්‍යාප්තව පැවති සමයේදී ආරම්භ කරන ලද ‘ඉටුකම කොවිඩ් සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදල’ වෙබ් අඩවිය ද වසාදැමීමට රජය පියවර ගෙන තිබේ.

    ඒ අනුව මෙරට කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සහ රෝග පැතිරීම වළක්වාලීම වෙනුවෙන් අරමුදල් රැස්කිරීම සඳහා භාවිතා කළ ඉටුකම බැංකු ගිණුම වසා දමා තිබුණි.

    මේ වනවිට ක්‍රියාකාරීත්වය අවසන් කොට ඇති itukama.lk වෙබ් අඩවියේ domain නාමයද ඉවත් කිරීමට රජය තීරණය කර ඇති හෙයින් එම වෙබ් අඩවි නාමය වෙනත් පාර්ශවයන් වෙතින් ලබා ගෙන අවභාවිතා කිරීමට හැකියාවක් ඇති නිසා ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ජනාධිපති කාර්යාලය සියළු ජනතාවට දැනුම් දී සිටී.

    මෙය පවත්වාගෙන යන ලද්දෙ ජනාධිපති කාර්යාලය ‍විසිනි.

    ‘ඉටුකම කොවිඩ් සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලේ’ මෙහෙයුම් අවසන් කර ඇති අතර 2022-10-28 සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ බැංකු ගිණුම සහ වෙබ් අඩවියේ ක්‍රියාකාරීත්වය අවසන් බව එහි දන්වා ඇත.

    කොවිඩ් රෝග ව්‍යාප්තිය පාලනය කිරීමෙන් පසුව එම වෙබ් අරමුදලට බැර වූ මුදල් පිළිබඳ විස්තර වාර්තාව වෙබ් අඩවියේ මුල් පිටුවේ ඉදිරිපත් කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img