තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"රාජ්‍ය සමාගම් ලාබ උපයලා නම් බෝනස් දෙන්න ඕන"

    “රාජ්‍ය සමාගම් ලාබ උපයලා නම් බෝනස් දෙන්න ඕන”

    රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය සමාගම්වල මේ වසරේ ප්‍රසාද දීමනා ලබාදීම සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැහැදිලි කිරීමක් කර තිබේ.

    ඔහු පෙන්වාදෙන්නේ වාණිජ සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජයට අයත් සමාගම්වල කාර්ය මණ්ඩලයට 2023 වර්ෂය සඳහා ප්‍රසාද දීමනාවක් ගෙවීම, එම ආයතන 2022 මූල්‍ය වර්ෂය තුළ ලාභ උපයා ඇත්නම් සහ බදු ගෙවීමෙන් පසු ලාභයෙන් අවම වශයෙන් 30%ක් ඒකාබද්ධ අරමුදල වෙත ලාභාංශ ලෙස ගෙවා ඇත්නම් ලබා දිය යුතු බව ය.

    ඉහත සඳහන් කළ ආයතන 2022 මූල්‍ය වර්ෂය තුළ ලාභ උපයා ඇති නමුත් බදු ගෙවීමෙන් පසු ලාභයෙන් අවම වශයෙන් 30%ක් ඒකාබද්ධ අරමුදලට ලාභාංශ ලෙස ගෙවා නොමැති නම් හෝ 2022 මූල්‍ය වර්ෂය තුළ අලාභයක් වාර්තා කර ඇත්නම් එම ආයතනවලට ආයතනයේ ලාභදායීතාවය මත ප්‍රසාද දීමනාවක් ලබා ගැනීමට අයිතියක් නැති බවද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img