අනුරාධපුර ශික්ෂණ රෝහලට අයත් මෙත්සිරි සෙවණ ගොඩනැගිලි පරිශ්‍රයේ අද ගින්නක් හටගෙන තිබේ.
ගින්න ඇතිවීමත් සමග එම ගොඩනැගිලි පරිශ්‍රයේ සිටි නේවාසික රෝගීන් ඉන් ඉවත්කිරීමට වහා පියවර ගෙන තිබුණි.
මෙත්සිරි සෙවනෙහි හටගත් ගින්න හේතුවෙන් වෛද්‍ය උපකරණ ද ඉවත් කිරීමට කටයුතු කර ඇත.
අනුරාධපුර මහ නගරසභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් ගින්න නිවීම සඳහා දැඩි පරිශ්‍රමයක් යෙදූ අතර සහාය සඳහා අනුරාධපුර යුද හමුදා කඳවුරේ දී ගිනි නිවීමේ ඒකකයද කැඳවනු ලැබීය.
ගින්න මේවනවිට පාලනය කර ඇත බව වාර්තා වෙයි.