තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දිස්ත්‍රික් 9කට තවදුරටත් ගස්, ගල් පෙරළෙන නායයාම් අනතුරු ඇඟවීම්

    දිස්ත්‍රික් 9කට තවදුරටත් ගස්, ගල් පෙරළෙන නායයාම් අනතුරු ඇඟවීම්

    අධික වැසි තවදුරටත් පවතින බැවින් දිස්ත්‍රික් 9ක් සඳහා  නායයාම් අනතුරු ඇඟවීම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබේ.

    ඒ අනුව බදුල්ල, කළුතර, රත්නපුර,  මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය යන දිස්ත්‍රික්වල  අනතුරු ඇඟවීම කර ඇත.

    පහත ප්‍රදේශවල ජනතාවට නායයාම්,පස් කඳු කඩාවැටීම්, විශාල ගස් කඩාවැටීම් හෝ ගල් පෙරළීම් ආදිය පිළිබඳ සැළකිල්ලෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුම් දෙයි.

    අධික වැසි පවතින බැවින් හෙට (11) දක්වා මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img