පාර්ලිමේන්තුවේ කටයුතු හෙට(11) පෙරවරු 9.30 දක්වා කල්තබා තිබේ.
ඒ වැට් බදු ඉහළ දැමීම සම්බන්ධයෙන් වන මැතිසබේ විවාදය පැවැත්වෙන අතරවාරයේ සිටිය යුතු ගණපූරණය නොමැති වීම හේතුවෙන් බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා නිවේදනය කළේය.
පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යාම සඳහා, මැතිසබේ ගණපූරණය නොමැති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් අවධානයට යොමුකිරීමෙන් පසුව විවාදය කල්තැබිණි.
ගණපූරණය යනු මැතිසබේ රැස්වීම පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන අවම මන්ත්‍රීන් සංඛ්‍යාවය. ගණපූරණය, මූලාසනාරූඪ මන්ත්‍රීවරයා ද ඇතුඵව මන්ත්‍රීන් 20 දෙනෙකි.
ගණපූරණය නොමැති විටෙක ඒ පිළිබඳව මූලාසනාරූඪ මන්ත්‍රීවරයාගේ අවධානයට ලක්කරනු ලැබුවහොත් ඔහු විසින් ගණපූරණ සීනුව හැඬවීම පිණිස කටයුතු යෙදිය යුතු ය. විනාඩි 5ක කාලයක් අවසන දී ගණපූරණය සපිරී නොතිබුණහොත් පාර්ලිමේන්තුව කල්තැබීමට හැකිය.
හෙට දිනයේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබාගැනීමට අදාළව තීරණාත්මක සාකච්ඡාවක් එහි නිලධාරීන් සහ මෙරට බලධාරීන් අතර පැවැත්වීමට නියමිතව තිබේ.
රාජ්‍ය ආදායමට සැලකිය යුතු බලපෑමක් සිදුකරන වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන විවාදය අද මැතිසබේ විවාදයට ලක්වන පසුබිමකදී මන්ත්‍රීලාගේ අවම සහභාගිත්වය නොමැති වීම හේතුවෙන් වැට් විවාදය හෙටට කල්තැබීමට සිදුව ඇත.