දිවයිනටම බලපෑ විදුලි බිඳවැටීම මේ වනවිට 80%ක් පමණ යථා තත්ත්වයට පත් කර ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
සෙසු ප්‍රදේශවල විදුලි බිඳවැටීම ද යථා තත්ත්වයට පත් කරමින් ඇති බව එම මණ්ඩය කීය.
අද පස්වරු 5ට පමණ දිවයින පුරා මෙම විදුලි බිඳ වැටීම සිදුවිය.
අකුණු සැර වැදීම් හේතුවෙන් සම්ප්‍රේෂණ පද්ධතියේ ඇති වූ දෝෂයක් මෙම බිඳවැටීමට හේතුවී ඇති බව විදුලිබල මණ්ඩලය පවසා තිබුණි.
ඒ අනුව කොටස් වශයෙන් විදුලි සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටී.
රට පුරා විදුලි බිඳ වැටීමත් සමග දිවයිනේ සියලුම පොලිස් ස්ථානවලට විශේෂ නිවේදනයක් කරමින් පොලිස් මූලස්ථානය දන්වා තිබුණේ ආරක්ෂාව පිළිබඳ දැඩි අවධානයකින් පසුවන ලෙසයි.