තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සහෝදරයින්ගේ ඝාතකයින්ගෙන් පළිගන්න අවි තියන් හිටිය දකුණේ අපරාධකරුවෙක් කොටු

    සහෝදරයින්ගේ ඝාතකයින්ගෙන් පළිගන්න අවි තියන් හිටිය දකුණේ අපරාධකරුවෙක් කොටු

    කොළඹ අපරාධ කොට්ඨාශශයේ බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මදුරංගට ලද තොරතුරකට අනුව තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ කළ වැටලීමකදී ටී56 අවියක් සමඟ දකුණේ අපරාධවලට සම්බන්ධ මත්කුඩු ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    දුසේල සම්පත් රත්නවීර නැමැති ඔහු 34 වියැති පුද්ගලයෙකි. ඔහු සතුව තිබී සොයාගත් ටී 56 අවියේ පතොරම් 30ක් අඩගු මැගසිනයක්ද තිබී ඇත. ඒ හැරුණු කොට හෙරොයින් ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 910ක්ද ඔහු සතුව තිබී ඇත.

    මෙම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරුමත ඔහුගෙ සඟයෙක්වද කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හෂාන් ශ්‍රීමාල් නැමැති ඔහු දික්වැල්ලේ පදිංචිකරුවෙකි. 24 හැවිරිදි වියේ පසුවන්නෙක් බව පොලීසිය කියයි.

    මත්කුඩු ආරවුලක් මුල්කරගෙන මාකදුරේ මධුෂ් විසින් ඩුබායි සිට ගෝලයින් යොදවා 2018 වසරේ දෙසැම්බර් 25 වෙනිදා කුඩාවැල්ල ධිවර වරායේදී පුද්ගලයින් 05 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. ඒ අතර දුසේල සම්පත් රත්නවීරගේ ඥාති සහෝදරයින් තිදෙනෙක් සිට ඇත.

    කුඩාවැල්ලේ බංදුල නොහොත් හරිබඩු සුද්දා නැමැති අයගේ කොන්ත්‍රාත්තුවකට අනුව මාකිලංගමුවේ සංජීව සහ බත්තරමුල්ලේ මංජු යන පාතාල අපරාධකරුවන් විසින් කුඩාවැල්ලේදී දුසේල සම්පත් රත්නවීරගේ සහෝදරයාව ද 2021 වසරේ ඝාතනයකර තිබුණි. අසේල සම්පත් රත්නවීර නැමැති ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මෙන්ම මිනිස් ජාවාරම්කරුවෙකි.

    සිය සහෝදරයා ඝාතනය කළ සහ ඥාති සහෝදරයින් ඝාතනය කළ පාර්ශවවලින් පළිගැනීම සඳහා ටී56 අවිය තබාගෙන සිට ඇතැයි පොලීසිය කියයි.

    අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනා තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර ලබාගත් රැදවුම් නියෝගයක් මත රදවාගෙන විිමර්ශන පවත්වන බව කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කරයි.

     

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img