දකුණු ආසියාවේ උසම අවන්හල සහ කැරකෙන අවන්හල Orbit by Citrus ලබන සෙනසුරාදා (09) නෙළුම් කුළුණේ දී විවෘත කිරීමට නියමිතව තිබේ.
කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අදහස් දැක් වූ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මෙසේ කීය.
“සුදු අලියෙක් විදියට හංවඩු ගහපු මේ ව්‍යාපෘතිය අද වන විට (මාස 15ක් තුළ) ලාබ ලබන සහ මහාභාණ්ඩාගාරයට මුදල් ලබා දෙන ආයතනයක් බවට පත්කරන්න අපිට හැකියාව ලැබිලා තිබෙනවා. ඒ වගේම ජාත්‍යන්තර ප්‍රමිතීන් සපුරාලන දේශීය සමාගම් තුනක් මීටර් 195 ක උසකින් යුත් abseiling, bungee jumping හා paragliding වගේ ක්‍රීඩාවන් හරහා අපේ බහුතරයක් ජනතාව මෙතෙක් අත්නොවිඳි නවමු අත්දැකීම් රැසක් ලබාදෙන්න සූදානමින් ඉන්නවා.”