fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇමරිකානු ගුවන් හමුදා හෙලිකොපටර් බලඝණයක් අත්හිටුවයි

    ඇමරිකානු ගුවන් හමුදා හෙලිකොපටර් බලඝණයක් අත්හිටුවයි

    ඇමරිකානු එක්සත් ජනපදය විසින් එරට සමස්ථ ඔස්ප්‍රේ හෙලිකොප්ටර් බලඝණයේ සියලුම මෙහෙයුම් සහ යානා පියාසර කිරීම් නවතා දැමීමට තීරණය කර ඇත.

    දෙමහුන් වර්ගයේ හෙලිකොප්ටර් යානා විශේෂයක් වන ඔස්ප්‍රේ යානා වල මෙහෙයුම් නවතා දැමීමට හේතු වී ඇත්තේ පසුගිය සතියේ ජපානයේ වෙරළට ඔබ්බෙන් සිදුවූ අනතුර එම යානාවල ඇතිවූ දෝෂයක් හේතුවෙන් සිදුවූවක් බව වාර්තාවකින් හෙලවීමෙන් පසුවයි.

    ඒ අනුව ගුවන් හමුදා සහ නාවික නිලධාරීන් පවසා ඇත්තේ අදාල යානා සම්බන්ධයෙන් වූ පරීක්ෂණය අවසන් වන තෙක් ඇතිවිය හැකි අවදානම් අවම කිරීම සඳහා මෙම පියවර ගත් බවයි. ඉකුත් සතියේ අනතුරින් මියගිය හමුදා සාමාජිකයින්ගේ සියලුම දේහයන් තවමත් ගොඩගෙන නොමැත.

    මෙම අනතුරත් සමඟම ජපානය විසින් ඔවුන් සතු යානා 14කින් සමන්විත ඔස්ප්‍රේ 14 බලඝණයේ මෙහෙයුම් නවතා දැමීමට පියවර ගෙන ඇත.

    දශක ගණනාවක පරීක්ෂණ සහ අත්හදා බැලීම් වලින් පසුව 2007 දී ප්‍රථම වරට හඳුන්වා දුන් ඔස්ප්‍රේ යානා සේවයේ යොදාගෙන සිටි කාලයේ සිට මාර අනතුරු කිහිපයකට සම්බන්ධ වීම සම්බන්ධයෙන් විමර්ශනයට ලක් විය.
    ඉකුත් අගෝස්තු මාසයේදී ඔස්ට්‍රේලියාවේ පැවති යුධ අභ්‍යාසයක් අතරතුරද ඔස්ප්‍රේ වර්ගයට අයත් යානයක් කඩා වැටීමෙන් එක්සත් ජනපද මැරීන් භටයින් තිදෙනෙකු මිය ගොස් තවත් 20 දෙනෙකුට තුවාල සිදු විය.
    එමෙන්ම පසුගිය වසරේ කැලිෆෝනියා කාන්තාරයේ ඔස්ප්‍රේ යානයක් කඩා වැටීමෙන් මැරීන් භටයින් පස් දෙනෙකු මිය ගියහ.

    ඔස්ප්‍රේ යානා වල ආරක්ෂාව සම්බන්ධයෙන් එක්සත් ජනපද ආරක්ෂක අංශ තුල විශාල වශයෙන් කතා බහට ලක්ව ඇති අතර එය සාමාන්‍ය ගුවන් යානායක් සහ හෙලිකොප්ටර් යානයක් ලෙස දෙයාකාරයෙන්ම භාවිතයට ගත හැකිය ආකාරයෙන් සකස් කර තිබුණද එහි ආරක්ෂාව පිළිබඳ දැඩි අවිනිෂ්චිත බවක් පැවිතිනි.

    මෙලෙස අදාල යානා සම්බන්ධයෙන් පැවති දෙගිඩියාව හේතුවෙන් කිසිඳු දිනක එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් ඔස්ප්‍රේ යානයක් යොදාගෙන නොතිබීමද විශේෂත්වයකි.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.