fbpx
තවත්
    මුල් පිටුවspecialයුක්‍රේනයට සල්ලි දීලම ඇමරිකාවේ පොකට්ටුව හිඳිලා

    යුක්‍රේනයට සල්ලි දීලම ඇමරිකාවේ පොකට්ටුව හිඳිලා

    යුක්‍රේන යුද්ධ සඳහා තවදුරටත් ලබාදීම සඳහා ප්‍රමාණවත් තරම් මුදල් නොමැති බව ඇමරිකානු එක්සත් ජනපදයේ ධවල මන්දිරය අනාවරණය කරයි.

    ධවල මන්දිරය විසින් මේ බව අනාවරණය කර ඇත්තේ එරට නියොජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායකවරයාට සහ කොන්ග්‍රස් නායකයින් වෙත විශේෂ ලිපියක් යොමුකරමිණි.

    ඒ අනුව ඉදිරියේදී තවත් මුදල් ලබාදීමට නොහැකි වුවහොත් යුක්‍රේනයට රුසියාව සමඟ සටන් වැදීමට නොහැකිනවනු ඇති බවටද අදාල ලිපිය මගින් පෙන්වා දී ඇත.

    “මම ඉතා පැහැදිලිව කියන්න කැමතියි, කොන්ග්‍රස් ක්‍රියාමාර්ගයකින් තොරව, වසර අවසානය වන විට යුක්‍රේනය සඳහා තවත් ආයුධ සහ උපකරණ ලබා දීමට සහ එක්සත් ජනපද හමුදා තොගවලින් උපකරණ සැපයීමට අවශ්‍ය කරනු ලබන සම්පත් හිඟ වනු ඇත.“ යනුවෙන්ද අදාල ලිපියේ සඳහන්ව තිබේ.

    මේ අතර යුක්රේනය, ඊශ්‍රායලය සහ එක්සත් ජනපද දේශසීමා ආරක්ෂාව සඳහා අරමුදල් සැපයීම එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය ඔක්තෝබර් මාසයේදී කොන්ග්‍රසයෙන් ඩොලර් බිලියන 106 කට ආසන්න මුදලක් ඉල්ලා සිටියේය.

    රුසියාවේ 2022 පෙබරවාරි මාසයේදී යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු එක්සත් ජනපද කොන්ග්‍රසය විසින් යුක්රේනය සඳහා ඩොලර් බිලියන 110 කට වඩා අනුමත කර ඇත. එහෙත් ජනවාරි මාසයේදී රිපබ්ලිකානුවන් කොන්ග්‍රසයේ බලය තහවුරු කරගැනීමත් සමඟ යුක්‍රේනය සඳහා කිසිදු අරමුදල් අනුමත කර නැත.
    ඒ අනුව කොන්ග්‍රසය සහ සෙනෙට් සභාව අවසන් වරට 2022 දෙසැම්බරයේ සම්මත කරන ලද පුළුල් වාර්ෂික වියදම් පනතේ කොටසක් ලෙස යුක්රේනය සඳහා ඩොලර් බිලියන 45 ක මිලිටරි, මූල්‍ය සහ මානුෂීය ආධාර අනුමත කරන ලදී.
    කෙසේවෙතත් මේවන විට එම මුදල් සියල්ල භාවිතා කර අවසන් වන අතර ඒ අනුව තවදුරත් අරමුදල් ලබාදීම දැඩි අර්බුදයක් වී ඇත.

    මේ අතර ඇමරිකා එක්සත් ජනපදය තුල යුක්‍රේනයට මුදල් ලබාදීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් නිර්මාණය වී ඇති අතර එරට වැසියන් පෙන්වා දෙන්නේ තම බදු මුදල් වලින් තමන්ට කිසිඳු සුබසාධනයක් හිමි නොවන බවත් එම මුදල් වෙනත් රටක යුද්ධයක් සඳහා වැයක කරන බවත්ය.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.