තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නඩු භාණ්ඩ ගබඩාවෙන් ගිනිඅවි පන්නලා -උසාවියේ 3කුත් අත්අඩංගුවට

    නඩු භාණ්ඩ ගබඩාවෙන් ගිනිඅවි පන්නලා -උසාවියේ 3කුත් අත්අඩංගුවට

    මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ ඇති ගිනි අවි පන්නා අලෙවි කිරීමේ ජාවාරමක් හෙළිකර ගත් මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය ඊට සම්බන්ධ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ සේවයේ නිරත බහුකාර්ය සංවර්ධන නිලධාරීන් 03ක් ඇතුළු 05ක් අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවටගත් අය අතර උසාවියෙන් පැන්නූ ගිනි අවියක් මිලදී ගත් බෝට්ටු හිමි ව්‍යාපාරිකයෙක් සහ ඔහුට එම අවිය අලෙවි කිරීමට අතරමැදියෙක් ලෙස කටයුතු කළ අයෙක්ද සිටින බව පොලීසිය කියයි. එම ගිනි අවිය අලෙවිකර ඇත්තේ රුපියල් 280,000ක මුදලකට බවද අනාවරණය වී ඇත. ව්‍යාපාරිකයා සතුව තිබී ඔහු මිලදී ගත් උසාවියෙන් පැන්නූ රිවෝල්වරයක්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

    මෙම ඡාවාරම හෙළිවි ඇත්තේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරයා විසින් පසුගිය ජූලි 02 වෙනිදා කළ පැමිණිල්ලකට අනුවය. එම පැමිණිල්ලෙහි සදහන්ව තිබී ඇත්තේ නඩු භාණ්ඩ ගබඩාවේ තිබුණු හෙරොයින් පාර්සල් 02ක් අස්ථානගතව ඇති බවය.

    දීර්ඝ ලෙස ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී මත්කුඩු පමණක් නොව, අධිකරණයේ නඩු භාන්ඩ ගබඩාවේ ඇති ගිනි අවි පවා මෙම පිරිස විසින් පන්නා ඇති බව හෙළිවී ඇත. ඒ අනුව ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img