තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බාල එන්නත් සිද්ධිය නිසා හිස්වූ පුටුවලට අලුත් පත්කිරීම් 2ක්

    බාල එන්නත් සිද්ධිය නිසා හිස්වූ පුටුවලට අලුත් පත්කිරීම් 2ක්

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස වෛද්‍ය දේදුනු ඩයස් පත් කර තිබේ.

    එමෙන්ම එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස වෛද්‍ය සුදත් ධර්මරත්න පත් කර ඇත.

    ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් නමැති ප්‍රතිදේහජනක ඖෂධය මෙරටට ගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම් අංශයේ 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

    එම ඖෂධ සැපයුම්කරු සුදත් ජානක ප්‍රනාන්දු ද එලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරයේ පසුවේ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද්දේ සෞඛ්‍ය අමාත්‍යාශය‍ේ වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල වික්‍රමනායක, සහකාර අධ්‍යක්ෂ දේව ශාන්ති සොලමන්, ගණකාධිකාරි (සැපයුම්) නෙරාන් ධනංජය සහ තොග පාලක සුජිත් කුමාර යන නිලධාරින් සිව්දෙනා ය.

    පසුව ඔවුන් දෙසැම්බර් 13 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img