තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හන්තානේ අතරමං වෛද්‍ය සිසුන් මුදාගෙන

    හන්තානේ අතරමං වෛද්‍ය සිසුන් මුදාගෙන

    හන්තාන කඳුවැටියේ අතරමංව සිටි රාගම වෛද්‍ය පීඨයේ සිසුන් 180 දෙනා හමුවී තිබේ.

    යුද හමුදාව සහ පොලීසිය එක්ව සිදු කළ ගලවා ගැනීමේ මෙහෙයුමකදී ඔවුන් සොයාගෙන ඇත.

    අයහපත් කාලගුණය හේතුවෙන් රාගම වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුන් 180ක් හන්තාන කඳුවැටියේ අතරමං වී තිබුණි.

    එම පිරිස අතර, පිරිමි සිසුන් 60ක් සහ කාන්තා සිසුන් 120ක් සිටි.

    පොලීසිය සහ යුද හමුදාව එක්ව මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කළ නමුත් අයහපත් කාලගුණය හේතුවෙන් අතරමං වූ සිසුන් සමඟ කිසිදු සන්නිවේදනයක් කරගැනීමට නොහැකිව තිබූණි.

    පසුව ඔවුන් සම්බන්ධ කර ගැනීමට හැකිවීම නිසා සිසුන් මුදාගැනීමට හැකිව ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img