එළඹෙන වසරේදී බදු අනුපාත ඉහළ නංවමින් රජයේ ආදායම් ඉහළ නංවාගැනීමේ කිසිදු සූදානමක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
රජයේ අපේක්ෂාව වන්නේ බදු ජාලය පුළුල්කරමින් බදු ගෙවිය හැකි මට්ටමේ පිරිස ඊට ඇතුළත් කරගැනීම පමණක් බව අමාත්‍යවරයා පෙන්වා දේ.
ඒ සඳහා මෙරට බදු අය කිරීමේ ක්‍රමවේදය ඩිජිටල්කරණයට ලක්කළ යුතු බව හෙතෙම අවධාරණය කර සිටී.
2024 අයවැය මගින් යෝජනා ප්‍රතිපාදන වෙන් කර ඇති බවද ඔහු කියා සිටියේය.
එබැවින් වැට් අනුපාතය 24% දක්වා ඉහළ නංවන බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.