තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"තව කල්මරන්න බෑ.. සතුරා දොර ළඟටම ඇවිත්" -ජනපති ලෝකෙටම කියයි (📹)

    “තව කල්මරන්න බෑ.. සතුරා දොර ළඟටම ඇවිත්” -ජනපති ලෝකෙටම කියයි (📹)

    පෘථිවියේ පැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් දේශගුණික විපර්යාස අවම කිරීමට ලෝකයේ රටවල් කඩිනමින් ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ‍ජාත්‍යන්තරයට අවධාරණය කරයි.

    ඊට නායකත්වය ගැනීමට සූදානම්ද නැද්ද යන තීරණාත්මක එකඟතාවට මෙවර COP28 සමුළුවේ දී එළැඹිය යුතු බවත් ජනාධිපතිවරයා කියාසිටියේ එක්සත් ජාතීන්ගේ 28 වන දේශගුණ විපර්යාස සමුළුව හෙවත් COP28 සමුළුව අමතමිනි.

    මෙය කිසිසේත් කල්මරමින් සිටිය නොහැකි අතර සතුරා සිටින්නේ දොරටුව අභියස බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    එක්සත් ජාතීන්ගේ 28 වන දේශගුණ විපර්යාස සමුළුව හෙවත් COP 28 ප්‍රධාන සමුළුව රටවල් 54ක රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (01) ඩුබායිහි එක්ස්පෝ සිටිහිදී ආරම්භ විය.

    COP28 සමුළුව අමතා ජනාධිපතිවරයා කළ සම්පූර්ණ කතාව පහත වීඩියෝවෙන් දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img