භාණ්ඩ රැසකට අද (දෙසැ.01) සිට ක්‍රියාත්මක වන පරිදි විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා තිබේ.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කර ඇත.
මෙම භාණ්ඩ අතර බටර්, රට ඉඳි, මිදි (නැවුම් සහ වියළි), ඇපල්, මාළු, කිරිවලින් සැදූ තැවරුම් සහ ලොකු ළූණු ද වේ.
යෝගට් සහ ඇටවල්ලා, ස්කිප්ජැක් ඇටවල්ලා සහ බොනිටො (සර්ඩා විශේෂයන්) යන ඛාණ්ඩ දෙකට ක්‍රියාත්මක කර ඇත්තේ පෙර පැවති බද්දම ය.
පහත සඳහන් භාණ්ඩ සඳහා පැනවෙන මෙම බද්ද 2024 දෙසැම්බර් 31 දින දක්වා ක්‍රියාත්මක වේ.
අද සිට විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පැනවෙන භාණ්ඩ ලැයිස්තුව පහතින්.