ගොඩගැසී ඇති රියැදුරු බලපත්‍ර නිකුත් ඉදිරි මාස 6 තුළ නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
ලක්ෂ 9 කට අධික රියැදුරු බලපත්‍ර තොගයක් මේ වනවිට ගොඩගැසී ඇති බව කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසීය.
රියැදුරු බලපත්‍ර මුද්‍රණයට අවශ්‍ය මුද්‍රණ යන්ත්‍ර නොමැතිවීමෙන් මෙලෙස රියැදුරු බලපත්‍ර ගොඩගැසී තිබේ.
පසුගිය සඳුදා මුද්‍රණ යන්ත්‍ර තුනක් අලුතින් ලැබුණු බව කොමසාරිස් ජනරාල්වරයා කීය.
ඒ අනුව මේ සතියේ සිට මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.