ගතවූ නොවැම්බර් මාසයේදී උද්ධමනය 3.4% දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2023 නොවැම්බර් මාසය සදහා 3.4%ක් දක්වා වැඩි වී ඇත. එය 2023 ඔක්තෝම්බර් මාසය සඳහා 1.5% ලෙස වාර්තා වී තිබුණි.
2023 නොවැම්බර් මාසයයේ දී ආහාර කාණ්ඩයේ උද්ධමනය -3.6% දක්වා වැඩි වී ඇත. 2023 ඔක්තෝම්බර් මාසයේ දී එය වාර්තා වුයේ -5.2% ලෙසයි.
එමෙන්ම, නොවැම්බර් මාසයයේ සදහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 6.8%ක් දක්වා වැඩි වී ඇති අතර එය 2023 ඔක්තෝම්බර් මාසයේ දී 4.9% ලෙස වාර්තා විය.