සිය 16 හැවිරිදි දියණිය දූෂණය කළ 36 හැවිරිදි පියෙක් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇත.
දමන පොලිස් වසමේ පන්නලගම පිහිටි නිවසක් තුළදී පියා විසින් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇත්තේ ඊයේ දහවල් කාලයේදීය.
මාස පහකට පෙර දියණියව ඔහු විසින් දූෂණය කර ඇති බවත් ඒ ගැන පොලිසියට ලද පැමිණීල්ලකට අනුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය නිවසට ගිය අවස්ථාවේදී ඔහු දොරවල් වසාගෙන වෙඩි තබාගෙන ඇති බව පොලීසිය කියයි.
වෙඩි තබාගෙන ඇත්තේ මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවකින් බව ද පොලීසිය සඳහන් කළේය.