තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ක්‍රිකට් ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට

    ක්‍රිකට් ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට

    ඉන්දියාව කඩුළු හයකින් පරාජය කළ ඔස්ට්‍රේලියාව 2023 අයි.සි.සී ලෝක ක්‍රිකට් කුසලානය දිනා ගැනීමට අද(19) සමත් විය. ඔවුන් දිනාගත් හයවැනි එක්දින ලෝක කුසලානය මෙය වේ.

    අහමබාද් ක්‍රීඩාංගණයේ පැවති තරග යේ කාසිය වාසිය දිනා පළමුව පන්දු රැකීම තෝරාගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රබල ඉන්දීය පිළ ලකුණු 240කට සීමා කළේය.

    දෙසිය හතළිස් එකක ඉලක්කය හඹාගිය ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පළමු කඩුලු 3 ලකුණු 47ක් තුළ දවා ගැනීමට ඉන්දිය පන්දු යවන්නෝ සමත් වුවද ට්‍රැවිෂ් හෙඩ්ගේ පිති ප්‍රහාරයෙන් බේරිමට ඔවුන්ට නොහැකිවිය.

    ඒ අනුව පන්දු එකසිය විස්සක දී හයේ පහර හතරක් හා හතරෙ පහර පහළොවක් සමග ලකුණු 137ක් ලබාගත් ට්‍රැවිෂ් හෙඩ් ඔස්ට්‍රේලියානු ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය.මානුෂ් ලබුෂෙයින් නොදැවී ලකුණු 58ක් ලබා ගත්තේය.

    තරගයේ වීරයා සම්මානය ට්‍රැවිෂ් හෙඩ්ට හිමිවිය.

    ඉන්දියාව 240/10 (50)

    ඔස්ට්‍රේලියාව 241/4 (43)

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img