තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගුවන් ප්‍රධානීන්ගේ විශාලතම ද්විවාර්ෂික හමුව පර්ල් වරායේදී

    ගුවන් ප්‍රධානීන්ගේ විශාලතම ද්විවාර්ෂික හමුව පර්ල් වරායේදී

    පැසිෆික් ගුවන් ප්‍රධානීන්ගේ කථීකාව – 2023′

    ගුවන් ප්‍රධානීන්ගේ විශාලතම ද්විවාර්ෂික හමුව සනිටුහන් කරමින් හවායි හි පර්ල් වරායෙහි පැසිෆික් ගුවන් හමුදා මූලස්ථානයේ පැවති ‘පැසිෆික් ගුවන් ප්‍රධානීන්ගේ කථීකාව 2023’ සඳහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ද සහභාගී වී තිබේ.

    එය පසුගිය 13 සිට 16 දක්වා රටවල් 22 ක නියෝජිතයින් පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී.

    මෙහිදී කලාපීය ආරක්‍ෂක අභියෝගවලට මුහුණදීම සඳහා ගෝලීය තීක්ෂණ බුද්ධිය යොදා ගැනීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරන ලදී.

    පැසිෆික් ගුවන් හමුදාපති සහ 2023 පැසිෆික් ගුවන් ප්‍රධානීන්ගේ සම්මන්ත්‍රණයේ සත්කාරක ජෙනරල් කෙන් විල්ස්බැච්ගේ නායකත්වය යටතේ කලාපීය ආරක්ෂාව සම්බන්ධ විවිධ මාතෘකා ඔස්සේ සාකච්ඡා පැවැත්විණි.

    ඒ අනුව මෙම සම්මන්ත්‍රණයේදී ගුවන් වසම් (Air domain) දැනුවත් කිරීමේ වැදගත්කම, මෑත කාලීන ගැටුම්වලින් උගත් පාඩම්, මානුෂීය ආධාර සහ ආපදා සහන පිළිබඳ සාකච්ඡාවට ලක් විය.

    එම සාකච්ඡාවලට අමතරව, ජාත්‍යන්තර හවුල්කරුවන් අතර බැඳීම් ඇති කිරීම සඳහා නිර්මාණය කර ඇති ආකර්ශනීය සමාජ සිදුවීම් ද මෙම සම්මන්ත්‍රණයට ඇතුළත් විය.

    ඉන්දු-පැසිෆික්, යුරෝපය, දකුණු ඇමරිකාව සහ උතුරු ඇමරිකාවේ හමුදා නායකයින් එක්රැස් කරමින් සිදු කල මෙම සම්මන්ත්‍රනය කලාපීය අභියෝගවලට විසඳුම් සෙවීමේ වේදිකාවක් වනවා සේම හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීමට පිටුවහළක් විය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img