fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"හැමදේම අයවැය පොතට දාන්න බෑ"

    “හැමදේම අයවැය පොතට දාන්න බෑ”

    spot_img

    පළාත් පාලන ආයතනවල කොන්ත්‍රාත් පදනම මත සේවයේ නියුතු සේවකයින් 8,400ක් ලබන වසරේ දී ස්ථීර සේවයට බඳවා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

    අද (17) පාර්ලිමේන්තුවේ දී ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා මේ පිළිබඳව සඳහන් කළේය.

    රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.

    “සමහර අය කියනවා අරක නෑ. මේක නෑ කියලා. හැමදේම අයවැය පොතට ඇතුළත් කරන්න බෑ. රජය තීන්දු කරලා තියෙනවා අපි දන්නවා පළාත් පාලන ආයතනවල ප්‍රාදේශීය සභාවල, නගර සභාවල අපේ අහිංසක තරුණ තරුණියන් අනියම් හැටියට විවිධ රැකියාවල නිරතවෙලා ඉන්නවා කොන්ත්‍රාත් පදනම මත. ඒ අය අවුරුදු ගාණක් සේවය කර කර ඉන්නවා ස්ථීර නෑ. ඒ නිසා මම ඉතාම වගකීමෙන් කියනවා අපේ රජය විෂය භාර අග්‍රාමාත්‍ය තුමා, රාජ්‍ය අමාත්‍ය තුමා සියලුදෙනාම ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව මේ වනවිට තීරණය කරලා තියෙනවා 8,400ක් වෙච්ච පළාත් පාලන ආයතනවල ඒ සේවකයින් ස්ථීර සේවයට 2024 වර්ෂය තුළ ඇතුළත් කරන්න.”

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img