fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"අවස්ථාව ආවම නිදහසට කරුණු කියනවා" -නඩු තීන්දුව ගැන මහින්ද කියයි

    “අවස්ථාව ආවම නිදහසට කරුණු කියනවා” -නඩු තීන්දුව ගැන මහින්ද කියයි

    ආර්ථිකය කඩාවැට්ටූ බවට හා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් නිදහසට කරුණු කීමට අධිකරණයේ දී යම් අවස්ථාවක් ලැබුණු විට ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලබාදෙන බව හිටපු ජනපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමට හෝ රටේ ආර්ථිකය කඩා වැට්ටීමට කටයුතු කළ බවක් තමන් පිළිනොගන්නා බව පැහැදිලිව ප්‍රකාශ කළ යුතුව තිබෙන්නේ යැයිද ඒ මහතා කීය.

    ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීම සඳහා ඊයේ (15) මහනුවරට පැමිණි අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේය.

    අයවැය පරාජය කිරීමට හේතුවක් නොමැති බවත් එහි සාධනීය ලක්ෂණ තිබෙන බවත් කී ඒ මහතා පක්ෂයේ කිසිවෙකුත් අයවැයට විරුද්ධව ඡන්දය දීමට බලාපොරොත්තුව නොවන බව ද අවධාරණය කළේය.

    “පොඩි පොඩි අඩුපාඩු තිබුණත් එකට යන ගමනක දී එකට ඉන්න ඕන” යැයි ද ඒ මහතා කීය.

    පක්ෂ සම්මේලනය ඉතා ඉහළින්ම පවත්වන බවත් සියලු දිස්ත්‍රික්කයකවල සෑම ශාඛාවකම සාමාජිකයින් ඒ සඳහා සම්බන්ධ කර න්නා බවත් කී හිටපු ජනපතිවරයා එහි සියලු සංවිධාන කටයුතු බැසිල් රාජපක්ෂ මහතා විසින් සිදුකරන බව ද ප්‍රකාශ කළේය.

    සබැඳි පුවත්
    ‘ආර්ථික අර්බුදයට ගෝඨා-මහින්ද-බැසිල් ඇතුළු පිරිසක් වගකිවයුතුයි’ -ශ්‍රේෂ්ඨාධිකරණය

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.